මහපරිමාණ කසිප්පු නිෂ්පාදනාගාර 4 ක් වටලයි, 05දෙනෙකු අත්අඩංගුවට
ගාල්ල සුරාබදු ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක හා කදවුරු අණදෙන නිළධාරී පොලිස් පරීක්ෂකගේ සංවිධානයෙන් ගාල්ල සුරාබදු ස්ථානය හා ගාල්ල අක්මීමන විශේෂ කාර්ය බලකා කදවුර විසින් දෙසැම්බර් මස 18 දින ඒකාබද්ධව සිදු කල වැටලීමකදී හික්කඩුව ,කොළවත්ත කලූපේ ගග ආශ්‍රිතව පවත්වාගෙන යමින් තිබු මහපරිමාණ කසිප්පු නිෂ්පාදනාගාර 4 ක් හා කසිප්පු විකුණන ස්ථානයක් වටලයි.
එහිදී සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබු අතර මෙම කසිප්පු නත්තල හා ලඟ එන අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන නිපදවා ඇති බව ආරක්ෂක අංශ පවසයි.
එහිදී නීති විරෝධී ලෙස පෙරන ලද කසිප්පු මිලි ලීටර් 100,000 ක් පමණද ගෝඩා මිලි ලීටර් 1325,000 ක් පමණද කසිප්පු පෙරීමට උපයෝගි කරගන්නා ලද තහඩු බැරල් 9 ක්ද , තඹ දගර 4 ක්ද, ගැස් ලිප් 4 ක්, ගැස් ටැංකි ඇතුලු උපකරණද ඇමෝනියා, ඊස්ට් ආදියද අත්අඩංගුවට ගනු ලැබූ අතර අත් අඩංගුවට ගනු ලැබූ සියල්ලේ වටිනාකම රුපියල් ලක්ෂ 15 ක් පමණ වේ.
මෙසේ පෙරණු ලබන කසිප්පු හික්කඩුව, බද්දෙගම, අම්බලන්ගොඩ, බටපොළ, මීටියාගොඩ, රත්ගම යන ප්‍රදේශ වලට බෙදාහැරීමට සූදානම් කර තිබූ බව අනතුරුව කළ ප්‍රශ්ණ කිරීම් වලදී හෙලිවිය. අනතුරුව රුපියල් 100,000/- බැගින් සුරාබදු සහතික ඇප මත සැකකරු මුදාහැරුනු අතර ඔහුට එරෙහිව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදි නඩු පැවරීමට නියමිතය.
කලූපේ ගග ආශ්‍රිත කුරුදු වගාවන් සහිත ඉඩම් වල ඉතා සූක්ෂම අන්දමින් පවත්වාගෙන ගොස් තිබූ මෙම කසිප්පු නිශ්පාදනාගාරය වැටලීම සදහා නිළධාරීන් ගොඩබිමින් හා ඔරු යොදාගනිමින් ගග දිගේ ගොස් අපහසුවෙන් එම ස්ථානයට ලගාවී මෙම වැටලීම් සිදුකල බව වැටලීමට සහභාගී වූ නිළධාරියකු පැවසීය.
ගාල්ල – සුනෙත් ගාල්ලගේ