News

මහමැතිවරණයේදී සජිත් පරදවන්න එජාප ප්‍රබලයෙක්ම වැඩ පටන් අරන්

පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහ මැතිවරණයේදී අගමැති ධුර අපේක්ෂකත්වයට පත් කළ හොත් ඔහු සෑම දිස්ත්‍රික්කයකින්ම පරාජය කිරීම සඳහා බස්නාහිර පළාතේ එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් නායකයන් සමග සාකච්ඡා පවත්වා ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මෙම ප්‍රබලයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් නායකයන් හමු වී ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ගේ ඡන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපෙක්ෂකයන්ට ලබා දීම සඳහා තමන් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවයි.

කොළඹදී සහ කොළඹින් බැහැර ප්‍රදේශවලදී මෙම ප්‍රබලයා සාකච්ඡා පවත්වා ඇත. ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් නායකයන් සමග ඔහු සාකච්ඡා වට ගණනාවක්ම පවත්වා තිබේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට සජිත් ප්‍රේමදාස පත් කිරීමට යෝජනා කළහොත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එම යෝජනාව පරාජය කිරීමටද ඔහු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමග සාකච්ඡා කර ඇත.

උදයජීව ඒකනායක