News

මහමැතිවරණය පැවැත්වීමේ දිනය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන ලෙස මැතිවරණ කොමිෂම ජනපතිගෙන් ඉල්ලයි

මේ වන විට රට තුළ පවතින වසංගත රෝග තත්ත්වය තුළ මැතිවරණය පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ගැටළුවක් මතුව ඇති බැවින් එය විසඳා ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ සම්බන්ධව දැනුවත් කිරීම සදහා මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් ද යොමු කර ඇත.

මහ මැතිවරණ අප්‍රේල් 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුනද කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මැතිවරණය කල්දැමීමට පියවර ගත් බව කොමිෂන් සභාව සදහන් කරයි.

එබැවින් බැවින් මැතිවරණය පැවැත්විය හැකි දිනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.