News

මහල් නිවාසවලටත් ලංකා සතොස

තට්ටු නිවාස සංකීර්ණවල ලංකා සතොස වෙළෙඳසල් ස්ථාපිත කිරීම මට්ටක්කුලිය, හේනමුල්ල, මිහිරන සෙවණ මහල් නිවාස සංකීර්ණ පරිශ්‍රයෙන් ඊයේ (17 වැනිදා) ආරම්භ විය.

නිවාස ඒකක 6400කින් සමන්විත හේනමුල්ල මහල් නිවාස සංකීර්ණයේ පවුල් විසිපන් දහසක්, තිස් දහසක් අතර පිරිසක් ජීවත්වන බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව අනෙකුත් මහල් නිවාස සංකීර්ණවලද ලංකා සතොස අලෙවිසල් ළඟදීම විවෘත කරන බව ලංකා සතොස සභාපති නුෂාඩ් පෙරේරා ප්‍රකාශ කළේය. මේ අනුව කොළඹ නගරයේ හා ඒ අවට මහල් නිවාස සංකීර්ණ 20ක ලංකා සතොස වෙළෙඳසල් විවෘත කිරීමට නියමිතයි.