මහවැලි ගඟේ කලුගමුව ප්‍රදේශයෙන් ආයුධ රැසක් සොයාගැනේ
මාවනැල්ල බුදු පිළිමවලට හානි සිදු කළ සැකකරුවකුගේ ගම්පොළ කලුගමුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස හා මහවැලි ගඟ අවට ආරක්ෂක අංශ විසින් සෝදිසි කර තිබේ.
පේරාදෙණිය පොලීසිය හා පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් එක්ව සෝදීසි මෙහෙයුම ආරම්භ කර ඇත.
මහවැලි ගඟ තුළ කළ සෝදිසියකදී නැවත ගැනිමට පහසුවන පරිදි පොලිතින් කොළ වල ඔතා තිබු කඩු 5ක්,ලොකු වක් පිහි 2ක්, උල් පිහි 3ක්, දැකැති 1ක්, පොල් කැඩිමට භාවිතා කරන ඉතා මුවහත් පිහි 2ක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.