News

මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය

මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කළ ඉල්ලීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

පැයට කිලෝමීටර 100ක වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට සහ වැඩි බරක් දැරීමට හැකි දුම්රිය මාර්ගයක් ඉදිකිරීම පිණිස මහව සිට ඕමන්තේ දක්වා කිලෝමීටර 128ක දිගින් යුතු දුම්රිය මාර්ගය ඉන්දීය අරමුදල් සහිතව ප්‍රතිසංස්කරණය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී තිබේ.

උතුරු පළාත වෙත කාර්යක්ෂම, ආරක්ෂිත හා සුව පහසු මගී හා භාණ්ඩ ප්‍රවාහනයක් ඇති කිරීම උදෙසා මෙම ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයි.