මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස වසන්තට නොතීසි
කොළඹ මහාධිකරණය හමුවේ ලබන 14 වනදා පෙනී සිටින ලෙස විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායකට නොතීසි නිකුත් කර ඇත.
කොටුව හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේට එරෙහි අලි පැටවෙකු ළඟ තබාගැනීමේ සිද්ධිය සම්බන්ධ නඩුවට අදාළව මෙලෙස නොතිසි නිකුත් කර ඇත.
රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක එම නඩුවේ පැමිණිලිකාර පාර්ශවයේ පළමු සාක්ෂිකරු ලෙස අද කොළඹ මහාධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙලෙස නොතිසී නිකුත් කර ඇත.
