News

මහා භාණ්ඩාගාරයේ ලේකම්වරු දෙදෙනෙක් ලංකා බැංකුවට හා මහජන බැංකුවට

ලංකා බැංකුවේ වැඩ බලන සභාපති ධුරය සඳහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් ඒ.ආර් දේශප්‍රිය මහතා හා මහජන බැංකුවේ වැඩ බලන සභාපති ධුරය සඳහා භාණ්ඩාගාරයේ උප ලේකම් ඒ.එම්.පී.එම්.බී අතමපත්තු මහතා පත් කර තිබේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම පත් කිරීම් සිදු කර ඇති බව එම අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇති අතර මෙම නිලධාරින් දෙදෙනා මෙම බැංකු දෙකෙහි අධ්‍යක්ෂක මණ්ඩලයේ මහ භාණ්ඩාගාරයේ නියෝජිතයන් ලෙස ඉදිරියේදි වැඩකටයුතු සිදු කරණු ලබයි.