මහා භාරකාර දෙපාර්තමේන්තුව වසර 86කට පසු අන්තිම කැමැති පත්‍ර කඩලා!
විජය කුමාරතුංගගේ අම්මාගේ අන්තිම කැමැත්තත් ඒ අතර
ශ්‍රී ලංකාවේ මහා භාරකාරවරයාගේ සුරක්ෂිත සේප්පුවේ තිබුණු අන්තිම කැමැති පත්තර 216ක් අධිකරණයේ අවසරය මත විවෘත කොට තිබේ. DT581/2018 නඩුව යටතේ විවෘත කොට ඇති මේ අන්තිම කැමැති පත්‍ර 1931 වර්ෂයේ සිට 1992 වර්ෂය දක්වා තැන්පත් කළ ඒවාය. මෙම අන්තිම කැමැති පත්‍ර අතර ක්ලේරා බියට්‍රිස් කුමාරතුංග නමින් අන්තිම කැමැති පත්‍රයක් ඇති අතර එහි ඇති නම් අතර එකම ආගමික පූජකවරයා වන්නේ හැඩිගල පඤ්ඤාතිස්ස හිමියන්ය. විමලා ගුණවර්ධන නමින්ද අන්තිම කැමැති පත්‍රයක් ඒ අතර ඇත. මහා භාරකාර දෙපාර්තමේන්තුව මේ අන්තිම කැමැතිකරුවන් ජීවත්ව සිටීද නැත්නම් මියගොස් ඇත්දැයි යන්න විමසා බලමින් සිටී.