මහා මැතිවරණයට රන්ජන් නව පක්ෂයකින් එයි
එක්සත් ජාතික පක්ෂය සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් අප රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කළෙමු.
එහිදී දුරකථනයට ප්‍රතිචාර දැක්වූ ඔහුගේ ප්‍රකාශකයෙකු පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයෙන් නෙරපූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඉදිරි මහමැතිවරණය වන විට නව පක්ෂයකින් ස්වාධීනව ඉදිරිපත්වන් බවය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද පස්වරුවේ ප්‍රකාශයක් ලබාදීමට බලාපොරොත්තුවන බවද හෙතම වැඩිදුරටත් සඳහන් කළේය.
