මහා සඟ සමුළුව රැස්වූ නවම් පොහොය අදයි
සැරියුත් – මුගලන් මහරහතන් වහන්සේලාට සම්බුදු සසුනේ අගසව් තනතුරු පිරිනැමීම ඇතුළු ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුවූ නවම් පොහොය දිනය අද (26 වැනිදා) ට යෙදී ඇත.
උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් පිරිවර දහසක් සමග පැවිදිවීමත්, සැරියුත් මුගලන් දෙනම ඇතුළු දෙසීයක් භික්ෂු පිරිසද, යසකුල පුත්‍රයා ඇතුළු පිරිසද ඇතුළුව එක්දහස් තුන්සියයක් වූ පිරිස සඳහා රජගහනුවරදී ප්‍රථම මහා සංඝ සන්නිපාතය පැවැත්වීමත් සිදුවූයේ නවම් පොහොය දිනයේදීය. බුදු හිමියන් මහා සංඝ රත්නයට ඕවාද ප්රාතිමෝක්ෂය දේශනා කිරීම, පිරිනිවන් පෑමට තෙමසකට පෙරදී බුදුරාජාණන් වහන්සේ ආයු සංස්කාරය අත හැරියේද අද වැනි නවම් පොහොය දිනයක බව ශාසන ඉතිහාසයේ දැක්වේ. නවම් පොහොය නිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල විවිධ ආගමික කටයුතු අද (26 වැනිදා) දින පැවැත්වෙන අතර කොළඹ,ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහරද පැවැත්වෙන්නේ අදය.