මහින්දානන්දගේ නඩුවේ විභාගය ජුනි 04 දක්වා කල්යයි
හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ ඒකාබද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විභාගය ජුනි මස 4 වැනිදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.
කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ මෙම නඩුව අද(19) කැඳවා ඇති අතර එහිදී විනිසුරුවරයා නියම කර ඇත්තේ මෙම නඩුව ජුලි මස 4 වන දා විභාගය ගන්නා බවයි.
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමති වෘත්තිය සමිතිය සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එම වෘත්තිය සමිති තීරයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.