News

මහින්ද අගමැතිකම නොගත්තානම් ජනතාවට රටක් ඉතුරු වෙන්නේ නැති බව සි.බී කියයි

මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ අග්‍රාමාත්‍යය ධුරය භාර නොගත්තේනම් මේ රටේ ජනතාවට රටක් ඉතිරි වන්නේ නොමැති බව තැපැල් හා විදුලි සන්දේශ අමාත්‍යය සි.බි රත්නායක මහතා පැවසිය.

සි.බි රත්නායක මහතා ඒ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ මස්කෙලිය ආසනය මගින් සංවිධානය කර තිබු ජනතා පරමාධිපත්‍යය තහවුරු කරමු යන මැයෙන් ඊයේ (02) පස්වරුවේ ගිනිගත්හේන සමුපකාර ශාලාවේ පැවති සම්මන්ත්‍රණයක් අමතමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යය සි.බි රත්නායක මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය විසින් මේ රටේ ජාතික සම්පත් හා දේපල විදේශිකයන්ට අලෙවි කර තිබු බවයි.

ඉදිරි වසර දෙක තුලත් එක්සත් ජාතික පක්ෂය රටේ පාලන බලයේ සිටියා නම් මුළු රටම විදේශිකයන්ට අලෙවි කිරිමට ඉඩ තිබු බවයි අමාත්‍යය සි.බි රත්නායක මහතා කියා සිටියේ.

සිංහයෙකු අග්‍රමාත්‍යය ධුරය ලබාගෙන ඇති බවත්, එම සිංහයා ඉදිරියට තැබු පය ආපස්සට නොගනෙ අදත් හෙටත් මේ රටේ අග්‍රමාත්‍යයවරයා මහින්ද රාජපක්ෂ මහතා බවයි අමාත්‍යය සි.බි රත්නායක මහතා වැඩි දුරටත් කියා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ