News

මහින්ද ජනපතිවරණය ගැන කැබිනට් මාධ්‍ය හමුවේදී කතාකරයි

අගමැති හා අමාත්‍ය මණ්ඩලය පත් කිරීම නීත්‍යාණුකූල නැතැයි යනුවෙන් පැවසීම තරයේ ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා.

දේශපාලන වාසි ප්‍රයෝජන තකා මෙවැනි සටන් පාඨ පාවිච්චි කරන බවයි අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගීවෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසුවේ.

“රටේ සංවර්ධන ගැන සිතා වගකීමකින් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කළත් අයවැයක් ඉදිරිපත් කළත් පියවර ගන්නේ ජනතාවගේ ජීවිත පහසුවෙන් ගෙන යන්න සහන බලපොරොත්තු වෙනවා, ජනතාවගේ පැත්ත බලලා සහන දෙන්න සූදානම්, කෙනෙකුට පේන්න පුළුවන් එය සීනි බෝල කියල. අයවැයේ දී ජනතවට සහන ලබාදිය යුතුයි”

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා, “ජනාධිපතිවරණය නියමිත කාලසීමාවේ දී පවත්වන බවත් ජනාධිපතිතුමගේ සම්පූර්ණ කලයෙන් පසුව ජනාධිපතිවරණය පැවැත්වෙන බවත්” පැවසුවා.