මහින්ද මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් හමුවෙයි
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක කාර්යාලයේදී අද (26) පෙරවරුවේ විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල ප්‍රධනීන් හමුවිය.
එහිදී වර්තමාන රජය විසින් ත්රස්ත්රවාදය වැලැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට නව පනතක් ආදේශ කිරීම සහ එම කෙටුම්පතේ සැඟවී ඇති තොරතුරු පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය ජී.එල් පීරිස් මහතා විසින් පැමිණ සිටි මාධ්‍යවේදීන්හට හෙලි කරන ලදී.
මෙහිදී අදහස් දැක්වු ජී.එල් පීරිස් මහතා මෙම පනත ඉතාමත් භයානක පනතක් බවත් වෘත්තිය සමිති හා සියලු සිවිල් සමාජ සංවිධාන විසින් සිදු කරන ප්රජාතන්ත්රවාදී විරෝධතා යටපත් කිරීම මෙම නව පනතේ මුලික අරමුණ වී ඇති බවත් වැඩි දුරටත් ප්‍රකාශ ලදී. මෙම පනත යටතේ චෝදනාවක් වන රහස්‍ය තොරතුරු රැස්කර වෙනත් අයකුට එම තොරතුරු සැපයීම ත්රස්වාදයට අනුබලදීමක් ලෙස සැලකේ. මෙම පනත මගින් වර්තමානයේ මාධ්‍ය විසින් සිදු කරන විමර්ෂණාත්මක මාධ්යකරණයද ත්රස්ත්රවාදී ක්‍රියාවක් ලෙස අර්තගන්වා ඇත.
මුලික අයිතිවාසිකම් කප්පාදු කිරීමක්. හම්බන්තොට වරාය සිදුවීම සම්බන්ධයෙන් තිස් හත්දෙනකු (37) අත්අඩංගුවට අරගෙන තියෙනවා.
ඒ වගේම මෙම පනත යටතේ චෝදනාවක් වන රහස්‍ය තොරතුරු රැස්කර වෙනත් අයෙකුට එකී තොරතුරු සැපයීමත් ත්රස්ත්රවාදයට අනුබලදීමක් ලෙස දක්වලා තියෙනවා. පොලිසිවලට පවරා තිබෙන අත්තනෝමතික බලතල පොලිස් රාජ්‍යයට අත්තිවාරමක්. මෙය 62(1) වගන්තියේ වන අනුබලයකි.