News

මහින්ද විපක්ෂනායක කාර්යාලයෙන් වැඩ අරඹයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද විපක්ෂ නායක කාර්යාලයට පැමිණ අද පෙරවරු 8.45 ට එම කාර්යාලයේ වැඩ ආරම්භ කර ඇත.

මීට පෙර විපක්ෂ නායක ධූරය දැරූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් විපක්ෂ නායක කාර්යාලය මෙතෙක් භාර නොදී සිට ඇති අතර පසුගියදා නිදහස් සන්ධානයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර කියා සිටියේ නීත්‍යානුකූල අන්දමින් විපක්ෂ නායක කාර්යාලය මහින්ද රාජපක්ෂ වෙත ලබාගැනීමට කටයුතු කරන බවයි.