මහියංගනය බදුල්ල ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් 10දෙනෙකු මරුට
මහියංගනය, බදුල්ල ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කුඩා ළමුන් තිදෙනෙකු ඇතුළු 10 දෙනෙකු මියගොස් ඇත.
අද අලුයම 1.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළ අතර ත්‍රිකුණාමලය සිට දියතලාව දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හා මහියංගණය දෙසට ධාවනය වූ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙම අනතුරින් වෑන් රථයේ ගමන් කළ 12 දෙනෙකු බරපතළ තුවාල ලබා මහියංගණය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් 10 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.
මියගොස් ඇත්තේ කුඩා දරුවන් තිදෙනෙකු, කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු බව වාර්තා වෙයි.