මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ සේවය අත්හිටුවයි
මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ සේවය වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇතැයි අධිකරණ සේවා කොමිෂන් සභාව පවසයි.
ඒ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද හේතුවෙනි.
එමෙන්ම මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් ද අවශ්‍ය නිර්දේශ ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කළේය.
