News

මහ බැංකුවේ පියවර ප්‍රමාණවත් නෑ – අතුරු සම්මත ගිණුම සංශෝධනය විය යුතුයි

පවතින අර්බුදය සම්බන්ධයෙන් මහ බැංකුව ප්‍රකාශයට පත්කර ඇති පියවරයන් ප්‍රමාණවත් නොවන බැවින් රජයේ වියදම් සඳහා දැනට සම්මත කර ඇති අතුරු සම්මත ගිණුම සංශෝධනය විය යුතු බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යෝජනා කරයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ ( 06 වැනිදා) හිටපු අගමැතිවරයා අවධාරණය කළේ ආර්ථිකය කඩා වැටීම නිසා රාජ්‍ය ආදායම සියයට පනහකින් පමණ කඩා වැටිය හැකි බවයි. ඉදිරියේදී රාජ්‍ය හා පෞද්ගලික සේවකයන්ට වැටුප් ගෙවීමේ දුෂ්කරතාවන් පවා මතුවිය හැකි බවද හෙතෙම පෙන්වා දේ. මෙම මස (අප්‍රේල්) මැදදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැලසුම්වලදී ශ්‍රී ලංකාවට උපරිම සහයෝගය ලැබෙන පරිදි පසුබිම සකස් ගත යුතු බවද හිටපු අගමැතිවයා රජයට යෝජනා කර සිටී.

අජිත් අලහකෝන්