මහ මැතිවරණයක් ඉල්ලමින් මාරවිලදී උද්ඝෝෂණයක් – විදේශිකයින් පුදුමවෙලා
කඩිනමින් මහා මැතිවරණයක් පවත්වන ලෙසට බල කරමින් සහ කථානායකවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් මාරවිල නගරයේදී පැවැත්වුණා.
ඒ ඊයේ (23) පස්වරුවේදීයි.
හිටපු කැබිනට් අමාත්‍ය දයාශ්‍රිත තිසේරා, වයඹ පළාත් සභාවේ හිටපු අමාත්‍ය සන්ධ්‍යා රාජපක්ෂ, නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපති නිලන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ද, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ ප්‍රදේශවාසීන්ද මෙම උද්ඝෝෂණයට එක්ව සිටියා.