මහ මැතිවරණය කලින් එන හේතුව අනුර කියයි
නිවරදි ක්‍රමය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු වන්නේ ලබන සැප්තැම්බර් 02 වනදා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.
මාර්තු 02 වනදා සිදුවන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය ජනාධිපතිවරයා අතට පත්වීම පමණක් බවයි අනුර කුමාර දිසානායක මහතා පෙදන්නේ.
පොළොන්නරුවේ ඊයේ (20) පැවති උත්සවයකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණයෙන් පසුව බලයට පත්වු නව ආණ්ඩුව ක්‍රමයෙන් ජනතා අප්‍රසාදයට ලක්වීම හේතුවෙන් මාර්තු 02 වනදායි පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට රජය සුදානම් බවයි අනුර දිසානායක මහතා සඳහන් කළේ.
