මාකඳුරේ මධුෂ්ව ලංකාවට රැගෙන එන ලෙස ජනපති දන්වයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඩුබායි රාජ්‍ය බලධාරීන් සමඟ කළ ඉල්ලීමට අනුව මාකදුරේ මධූෂ් වහාම ලංකාවට රැගෙන එන ලෙස අදාල ආරක්ෂක නිළධාරීන්ට දන්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශයේ සඳහන් කරයි.
අපරාධ රැසකට සම්බන්ධ ප්‍රබල පාතාල කල්ලි සාමාජික මාකඳුරේ මධුෂ් ඇතුළු සිව් දෙනෙකු ඩුබායි හිදී අද දින අත්අඩංගුවට ගැනුණු අතර කොකේන් නැමැති මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 24 දෙනෙකු එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් අතර කෙසෙල් වත්තේ දිනුක ඇතුළු ප්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයින් සිටින බව වාර්තා වෙයි.
ඩුබායි හෝටලයේ සිට මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන අමල් පෙරේරා ද සිට ඇති බවට වාර්තා වෙයි.