මාකඳුරේ මධුෂ් සමඟ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සම්බන්ද බව රාජිත නැවත කියයි
පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මාකඳුරේ මධුෂ් සමඟ සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ යළිත් සඳහන් කළේය.
ඒ, අස්ගිරි මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අවස්ථාවේදීය.
කිසිදු ප්‍රසිද්ධ පුද්ගලයෙකු මධුෂ් සමඟ සම්බන්ධ වී ඇති බවට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී නොමැති බව පොලිස් මූලස්ථානයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේය.
