News

මාකඳුරේ මධූෂ්ගේ තවත් සමීපතයෙකු අත්අඩංගුවට

දින කිහිපයකට පෙර ඩුබායිහිදි අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ තවත් සමීපතමයෙකු අද (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුව තංගල්ල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

මොහු සතුව තිබි T-56 ගිනි අවියක් ,උණ්ඩ සහ මත්ද්‍රව්‍ය තොගයක් හමු වි තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අකුරැස්ස – තෙලිජ්ජවිල – තල්ගස්වත්ත ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.