News

මාතරදී සිසුවෙකු ඝාතනය කළ සිදුවීමේ 02වන සැකකාර සිසුවා බන්ධනාගාරයට – තුන්වන සැකකරුගෙන් ප්‍රශ්න කරයි

මාතර උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ දෙවන පාසල් සිසුවා ද ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ ඔහු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තුන්වන සැකකරු මාතර වල්ගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි සිසුවාගෙන් මේ වනවිටත් රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කෙරගෙන යනු ලබයි.