මාතර ඇතුළු ප්රදේශ කිහිපයකට පැය 09ක් ජල සැපයුම අත්හිටුවයි
මාතර ඇතුළු ප්රදේශ කිහිපයකට අද (19) උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා පැය 09 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව මාතර නගරය, කුඩාව, වල්ගම, නූපේ, දෙවිනුවර සහ ගන්දර ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළ අතර මාතර මිරිස්ස ජල සම්පාදන ක්රමයට අයත් උයන්වත්ත හා බ්රවුන්ස්හිල් ජල තටාකයේ අලුත්වැඩියාවක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේය.
