News

මාතලේ ප්‍රදේශයේ ගෙවත්තක අද පස්වරුවේ පිපිරීමක්

මාතලේ, අලවතුගොඩ ප්‍රදේශයේ ගෙවත්තක අද පස්වරුවේ පිපිරීමක් සිදුව ඇති බව වාර්තාවෙයි.

මේ පිළිබඳව ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව සිදුකළ විමර්ශනවලදී ගෙවත්ත පිහිටි නිවසේ හිමිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ගෙවත්තේ ලිඳක් හෑරීමේදී මතුවූ කළු ගලක් ඉවත් කිරීම සඳහා බෝර දැමීමට යොදා ගත් වෙඩි බෙහෙත් පුපුරා යාමෙන් මෙය සිදුව ඇති බවට තොරතුරු අනාවරණ වූ බව පොලීසිය කියා සිටියි.