මාතෘ සායනයට සීමාවක් පනවයි
මාස අට සම්පූර්ණ වූ ගැබිනි මව්වරුන්ට පමණක් මාතෘ සහ ළමා සායනවලට පැමිණෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ දැනුම් දෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දීපව්‍යාප්තව පවත්වන මාතෘ හා ළමා සායන සඳහා මෙම දැනුම්දීම ඉදිරි දෙසතිය ඇතුළත ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පැවසීය.
අනෙකුත් ගැබිනි මව්වරුන්ට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ උපදෙස් ලබාගන්නා ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි.
කොවිඩ් -19 වෛරසය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත. ඉදිරි දෙසතිය ඇතුළත ළමා ප්‍රතිශක්තිකරණ වැඩසටහන්වලටද දරුවන් රැගෙන ඒමෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා සිටියි.
ඉදිරි දෙසතියෙන් පසු දරුවන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදිය හැකි බවද ඔහු අවධාරණය කරයි.
ජනතාව ඒකරාශි වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇත.
උදයජීව ඒකනායක
