News

මාදම්පේ ප්‍රදේශයෙන් සැකකටයුතු භාණ්ඩ හා මුදල් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

මාදම්පේ පොලීසිය හා ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරීන් මාදම්පේ මහාබද්දෙගම ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකපිට පුද්ගලයන් 03දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සෝදිසි මෙහෙයුම ඊයේ (02) පස්වරුවේ සිදු කර ඇති අතර අත්අඩංගුවට පත් සැකකරුවන් සතුව තිබී කඩුවක්, විනාශ කරන ලද සී. ඩි. තැටි තිහකට ආසන්න ප්‍රමාණයක්, හා මේ මස ලැබුණු බව සඳහන් රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදල් සහිත බැංකු ගිණුම් දෙකකට අයත් බැංකු පොත් හා ජංගම දුරකතනයක් පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

මොහු දෙමටගොඩ ප්‍රදේශයේ නැවතී සේවය කර ඇති අතර පාස්කු ප්‍රහාරයෙන් පසු මාදම්පේ ප්‍රදේශයට පැමිණ ඇති බවත්. අත්අඩංගුවට පත් සී. ඩි. තැටි සුරා ඉතා කුඩා කැබලි වලට කඩා තිබී ඇති බව වාර්තා වෙයි.

මාදම්පේ පොලිස් ස්ථානාධිපතිගේ උපදෙස් පරිදි මාදම්පේ පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වගේන යනු ලබයි.