මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණ කල් යයි
දැනට ක්‍රියාත්මක පරීක්ෂණ සියල්ල කල් දැමීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර ඇත.
කොවිඩ්-19 වෛරසය රට තුළ පැතිර යෑමේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මාර්තු 20 වැනිදා සිට අප්‍රේල් 20 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතව තිබූ මානව හිමිකම් පැමිණිලි පිළිබඳ පරීක්ෂණ සියල්ල සඳහා නව දිනයන් ලබාදෙන බව එම කොමිසම ප්‍රකාශ කරයි.
මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් දැනුම් දෙන්නේ නැවත දැනුම් දෙනතුරු සියලුම මානව හිමිකම් කඩවීම් පිළිබඳ පැමිණිලි 1996 අංකය ඇමැතීමෙන් පමණක් ඉදිරිපත් කළ යුතු බවයි.
පුද්ගල අන්තර් ක්‍රියාකාරීත්වයන් අවම කිරීමේ අරමුණින් මහජනතාවගේ යහපත උදෙසා මෙම තීරණය ගත් බව කොමිසම ප්‍රකාශ ප්‍රකාශ කළේය.
නයන තරංග ගමගේ
