News

මානසිකව ආබාධිත පුතා මව් පිය සෙනෙහස කොළරොඩු වලින් වසයි

ගාල්ල අක්මීමන වලහන්දූව ප්‍රදේශයේ මව සහ පියා ඝාතනය කළ බවට සැකකරන පුතෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 61ක් වන පිරිමි පුද්ගලයෙකු සහ වයස අවුරුදු 55ක් වන කාන්තාවක් බවයි පොලීසිය පැවසුවේ.

මොවුන්ගේ සිරුර ඔවුන් පදිංචි නිවස පිටුපස කොළරොඩු වලින් වසා තිබියදී සොයාගෙන තිබෙනවා.

ඊයේ මධ්‍යම රාත්‍රීයේ අක්මීමන පොලීසියට ලැබුනු තොරතුරුක් මත සැකකාර පුතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 31ක් වන අතර, ඔහු මානසික ආබාධයකින් පෙලෙන බවයි පොලීසිය පවසන්නේ.

අක්මීමන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.