මානිප්පායි පොලීසියට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
යාපනය,මානිප්පායි,ඉනුවිල් ප්‍රදේශයේදී පොලිස් මාර්ග බාධක රාජකාරි කරමින් සිටි පොලිස් නිළධාරීන් වෙත පහරදුන් ආවා කල්ලියට සම්බන්ධ බවට සැක කරන තවත් සැකකරුවන් තිදෙනෙකු ඊයේ (22) අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි.
යාපනය ආරක්ෂක අංශ පැවසුවේ යාපනය මානිප්පායි පොලිසිය හා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂන මෙහෙයවන විශේෂ පොලිස් කණ්ඩායම් සිදුකළ මෙහෙයුමකදිද සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, වයස අවුරුදු 19 ක් වන සැකකරුවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 20ක් වන සැකකරුවෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද ආරක්ෂක අංශ පැවසීය.
යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබු අතර, සැකකරුවන් පසුගිය 20 වැනිදා යතුරුපැදිවලින් පැමිණ පොලිසිය වෙත පහරදි තිබිණ.
පොලිසිය වෙත සිදුකළ පහරදුන් පිරිස අත්අඩංගුවට යාමේදි සිදුවු වෙඩි තැබීමකින් යාපනය,කොඩිකාමම්,කච්චායි ප්‍රදේශයේ පදිංචි සෙල්වරත්තිරම් කවිගජන් නමැති 22 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්විණ.
යතුරුපැදි තුනකින් පැමිණ ප්‍රදේශයේ මැර ක්‍රියාවන් සිදුකිරීමට ගමන් කරමින් සිටියදි අදාළ පිරිස පොලිසිය වෙත ප්‍රහාරයක් එල්ල කළ බව පොලිසිය සදහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මියගිය තරුණයාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වු අතර,සිරුර ඥාතීන් වෙත භාරදි තිබිණ.
සිද්ධිය සම්බන්ධයෙන් මානිප්පායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
වවුනියාව – මාධව කුලසූරිය
