මාලදිවයිනෙහි සැකපිට සිරගත කර සිටි ලහිරු මධුශංක නිදහස් කෙරේ
මාලදිවයිනෙහි සැකපිට සිරගතකර සිටින ශ්‍රී ලාංකිකයෙකු වන ලහිරු මධුශංක නිදහස් මේ වන විට නිදහස් කර ඇති බව මාල දිවයිනේ සිටින අමාත්‍ය ෆයිසර් මුස්තාෆා තහවුරු කළාය.
2015 ඔක්තෝබර් 23 වන දින, ලහිරු මධුශංක මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් අබ්දුල් ගයූම් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගෙන තිබේ. 2016 සැප්තැම්බර් මාසයේ සිට නඩු විභාගයකින් තොරව රඳවා තබාගෙන සිටි අතර ඔහුගේ සිරගත කිරීම සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අවධානයට ලක් විය.
ලහිරු මධුශංක හට පසුගිය වසර තුනක කාලය පුරාවට සාධාරණ නඩු විභාගයක් පැවැත්වීම සඳහා සාධාරණ නියෝජිතයකුට අවසර නොලැබිණි. වරදක් කල බවට ලහිරු මධුශංක මහතා හට ප්‍රමාණවත් හෝ පිළිගත හැකි සාක්ෂි නොමැති විය. එබැවින් ශ්‍රී ලංකා රජය සහ ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය ඔහු සම්පූර්ණයෙන්ම නිර්දෝෂී බව පෙන්වා දෙන ලදි.