මාලිගාවත්තේ ළිඳකින් කඩු 46ක් මතුවෙයි
මාලිගාවත්ත ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ආසන්නයේ ඇති මුස්ලිම් දේවස්ථානයක් අසළ ඇති ළිඳකින් අවිආයුධ ඇතුළු උපකරණ රැසක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
පොලීසිය පැවසුවේ කඩු 46 ක්, පතුරොම් පිරවූ තුවක්කුවක්, කිණිසි, පිහි, උපකරණ සොයාගත් බවයි.
මෙම ස්ථානයේ තවත් අවි ආයුධ ඇතිදැයි සොයා බැලීමට තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙමින් පවතී.