මාලි රාජ්‍යයේදී මියගිය හමුදා සාමාජිකයින්ගේ සිරුරු පෙබ. 2 දිවයිනට
මාලි රාජ්‍යයේ ඩුඑන්සා ප්‍රදේශයේදී බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල නිරත වූ ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් දෙදෙනාගේ සිරුරු පෙබරවාරි 02 වැනි දා දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළදී එදින පස්වරු 3.10 ට එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායේ අණදෙන නිලධාරියෙකු විසින් දේහයන් යුද හමුදාපතිවරයා වෙත භාරදීමට නියමිත බවයි.
මීට අමතරව එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් තිදෙනෙකු ද මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඉකුත් 25 වැනි දා උදෑසන එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල නිරත මෙරට හමුදා සාමාජිකයින් පිරිස ගමන් ගත් WMZ වර්ගයේ සන්නද්ධ රථයක් මාලි රාජ්‍යයේ ඩුඑන්සා ප්‍රදේශයේදී දුරස්ත පාලකයකින් ක්‍රියාත්මක අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකට ලක්ව තිබුණා.
එම පිපිරීමෙන් කපිතාන් එච්. ඩබ්ලිව්. ඩී ජයවික්‍රම සහ ක්‍රෝපල් එස්. එස්. විජයකුමාර යන හමුදා සාමාජිකයින් මියගියා.
පිපිරීමෙන් තවත් ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලැබුවා.