මාලි රාජ්‍යයේදී ශ්‍රී ලංකා භට කණ්ඩායමක් ඉලක්ක කර ප්‍රහාරයක් – දෙදෙනක් මරුට
මාලි රාජ්‍යයේ (Douentza) ප්‍රදේශයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අයත් ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතන්වරයෙක් හා යුද හමුදා සෙබළෙක් මියගොස් තිබෙනවා.
ප්‍රහාරයෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි ශ්‍රි ලංකා යුද හමුදාව සදහන් කළේ.
මාලි රාජ්‍ය වේලාවෙන් අද (25) උදෑසන 6.30ට පමණ මෙම පිපිරීම සිදුව සිදුව තිබෙන්නේ.
තුවාල ලැබූ යුද හමුදා සෙබළුන් මේ වන විට රෝහල් ගත කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
සාම සාධක හමුදා භට පිරිස මුර සංචාරයක් සඳහා යමින් සිටිය දී මෙම ප්‍රහාරය එල්ල තිබෙන්නේ.
වැඩිදියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය (IED) දුරස්ථපාලකයක් මගින් පුපුරවා ඇති බවටයි ශ්‍රී ලංකා යුධ හමුදාව වැඩිදුරටත් සදහන් කළේ.