මාවතගමදී වෑන් රථයක් පෙරළෙයි – හදවතක් නවතී – 8ක් රෝහලේ
මාවතගම කර්මාන්තපුරය හන්දිය අසලදී වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 8දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඊයේ රාත්රී 10.40ට පමණ කුරුණෑගල දෙසට ධාවනය වූ වෑන් රථයක් මාවතගම කර්මාන්තපුරය හන්දිය අසලදී මෙලෙස අනතුරට ලක්වූ බවයි.
අනතුරින් මියගියේ වයස අවුරුදු 45ක් වූ පුද්ගලයෙක් බවයි පොලීසිය සදහන් කළේ.
තුවාල ලැබූවන් කුරුණෑගල රෝහලේ වැඩිදුර ප්රතිකාර ලබනවා.