මාවනැල්ලේදි බස් රථයක් පෙරළෙයි – අයෙක් මරුට – 35කට තුවාල
මාවනැල්ල පහළ කඩුගන්නාව ඉපැරණි අම්බලම ප්‍රදේශයේදී බස් රථයක් විදුලි කණුවක ගැටී පෙරළීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් 35 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ අක්කරේපත්තුව, අට්ටාලච්චේන ප්‍රදේශයේ ගුරු විද්‍යාලය සිසුන් පිරිසක් අලුත්ගම ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක් යමින් සිටියදී ඔවුන් ගමන් ගත් බස් රථය මාර්ගයේ පෙරළීයාමෙන් බවයි පොලීසිය පැවසුවේ.
අනතුර සිදුවන අවස්ථාවේ ගුරු සිසුවියන් 50 දෙනෙකු එහි සිට ඇති අතර ඉන් 35 ත් 40ත් අතර පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වන්නේ.
තුවාල කරුවන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි අප වාර්තාකරු පැවසුවේ.
තුවාල ලැබූ සිසුන් මාවනැල්ල සහ මහනුවර යන රෝහල් වලට ඇතුළත් කර ඇති අතර මහනුවර රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු එහිදී මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අක්කරේපත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි අයෙකු වන බස් රථයේ රිය සහයක බව පොලීසිය සඳහන් කළේ.