මාස 6 කින් උමාඔයේ ජලයෙන් විදුලිය
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඇල්ල කරදගොල්ල ඉදිකරන ලද භූගත ජල විදුලි බලාගාරය මාස 6 ක පමණ කාලයකින් විවෘත කළ හැකි බව එම ව්‍යාපාතියේ නිලධාරිහු,විදුලිබල හා බලශක්ති ඇමති මහින්ද අමරවීර මහතාට අද (27) දන්වා සිටියහ .
ඇමතිවරයා නිරික්ෂණ චාරිකාවට නියැලී විදුලිබලාගාරය නැරඹිමට ප්‍රගති සමාලෝචන සාකච්චාවකට සහබාගිවිය .
මෙම ජල විදුලි බලාගාරයෙන් දවසක විදුලිය මෙගාවොට්ස් 120 ක විදුලි බලය නිපදවියහැකි බවත් ඒ අනුව දිනකට රුපියල්
කෝටි එකහමාරක මුදලක් විදුලි බල මණ්ඩලයට ඉතිරි වන බවත් මෙහිදි අනාරවණයවිය .
ඉරාණයේ ෆරාබ් සමාගම හා ශ්‍රීලංකා රජය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි .
අරාබි ජාතියන් පිරිසක් මේ වැඩබිමට ගෙන්වා ගත යුතු වුවුත් පවතින කොවිඩ් 19 ප්‍රශ්ණය නිසා ගුවන් ගමන් නතරවී ඔවුන් ගෙන්වා ගැනීමට නොහැකි වි ඇති බව නිලධාරිහු ප්‍රකාශ කළහ .
අත්‍යාවශ්‍යම අරාබි ජාතිකයන් පිරිසක් වේනම් ඔවුන් ගෙන්වා නිරෝධායනයකින් පසු සේවයේ යෙදීවිම පිළිබදව සාකච්චා කළ හැකි බව සදහන් කළ ඇමතිවරයා ඔවුන් සදහා විකල්පයක් ලෙස ශ්‍රීලාංකිකයන් යොදවා ගත හැකිනම් එසේ කිරිමට පියවරගතයුතු බවට උපදෙස් දුන්නේය
අඩුමිලට විදුලිය සැපයීමට අමතරව උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියෙන් ගොඩ මඩ ගොවිබි අක්කර දහස් ගණනකට වාරි ජලය සැපයීම හා පවුල් දහස් ගනනකට හා රෝහල් ඇතුලු රාජ්‍ය ආයතන රැසකට පානීය ජලය ලබාදීම සිදුවන බව මෙම සාකච්චාවේදි අනාවරණය විය
සරාබ් සමාගමේ නියොජ්‍ය ව්‍යාපෘති කළමණාකාර අතාවුල්ලා රාබාර් , ව්‍යපෘති අධ්යක්ෂ ආචාර්ය සුනිල් ද සිල්වා සහ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්යක්ෂ (ලං..වි.ම ) විජිත වීරකෝන් සහ සමබ්න්ධීකාරක එල් .වයි දයාවංශ යන් මහත්වරු ඇතුලු නිලධාරින් පිරිසක්ද සහබාගිවූහ.
ඒ.එම්.කටුබුල්ල
