මැතිවරණයක් පවත්වන්නේ එජාපයේ කැමැත්ත හා අවශ්‍යතාවය හැටියට පමණයි – නලින්
මැතිවරණ සම්බන්ධයෙන් මතපළකරමින් ඇතැමුන් ප්‍රශ්න නිර්මාණය කරමින් සිටින බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
කෑගල්ල ප්‍රදේශයේදී ඊයේ (28) මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර පාර්ලිමේන්තු මැතිවරණයක් පැත්විය හැක්කේ එක්සත් ජාතික පක්ෂයේ කැමැත්ත සහ අවශ්‍යතාවය මත පමණක් බව ඔහු පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2020 වසරේදි බවත් ඊට පෙර පැවැත්විය යුත්තේ ජනපතිවරණයක් බව අමාත්‍යවරයා එහිදි සඳහන් කළේය.