News

මැදපෙරදිග රටවලට පමණක් වලංගු ගමන් බලපත්‍රය දෙසැ 31 දක්වා පමණයි

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන මැද පෙරදිග රටවල් සඳහා පමණක් වලංගුවන ගමන් බලපත්‍රය මෙම මස 31වනදා සිට නිකුත් කිරීම අවසන් වන බව පාලක ජනරාල් වරයා සඳහන් කරයි.

2019.01.01 දින සිට සියලූම රටවල් සඳහා වලංගුවන ගමන් බලපත්‍ර පමණක් නිකුත් කරනු ලබන බව පාලක ජනරාල්වරයා සඳහන් කරයි.