මැදින් පුර පසළොස්වක පොහොය අදයි
මැදින් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙන අතර ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක් ද යෙදී තිබේ.
බුදුරජාණන් වහන්සේ සිය පියාණන් වූ සුද්ධෝදන රජු සහ ශාක්‍ය වංශික ඥාතීන් දැකීමට මහාසංඝයා වහන්සේ සමග කිඹුල්වත්නුවර බලා වැඩමකර ඇත්තේ අද (28) වැනි පොහොය දිනයකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.
එමෙන්ම රාහුල කුමරුන්ට බුද්ධ ශාසනයේ පැවිදි බව ලබාදී ඇත්තේ ද යශෝධරාවගේ දුක තුනී කිරීම සඳහා සඳකිදුරු ජාතකය දේශනාකර ඇත්තේ ද අද වැනි පොහොය දිනයකදීය.
ලෝකවාසී බෞද්ධ ආගමික ජනතාව අද දිනයේ ආමිස සහ ප්‍රතිපත්ති පුජාවල නිරත වෙමින් කටයුතු කරනු ඇත.
මේ අතර අද පස්වරු 03.00 ට සඳගිරි මහා සෑයේ කොත්වහන්සේ පැළඳවීමේ පුණ්‍යොත්සවය පැවැත්වීමට නියමිතය.