මැයි මාසයේදී නව පාර්ලිමේන්තුවක් -කතානායක
ලබන මැයි මාසය වන විට නව පාර්ලිමේන්තුවක් පත්වෙනු ඇති බව කතානායක කරූ ජයසුරිය මහතා පවසයි.
වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් දින කිහිපයකින් අවසන් වන බව කතානායකවරයා සඳහන් කළේය අනුරාධපුරයේදී මාධ්‍යට අදහස් දක්වමිනුයි කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ.
ජනතාවට වග කියන මන්ත්‍රීවරුන් පිරිසක් නව පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගන්නේ නම් ගැටලු රැසක් මග හරවා ගැනිමට හැකිවනු ඇති බවයි කතානායක කරු ජයසුරිය මහතා පෙන්වා දුන්නේ.
කථානායකවරයා අටමස්ථානය වැඳපුදාගැනීමෙන් අනතුරුව අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් බැහැදැකීමෙන් අනතුරුව අනෙකුත් අටමස්ථාන විහාරාධිපති හිමිපාණන්වහන්සේලාද හමු විය.
මෙහිදී සිය ජීවන චරිතාපදාන කෘතියේ පිටපත් ද කථානායකවරයා විසින් නායක හිමිවරුන් වෙත පිළිගන්වනු ලැබීය.
