News

මැ.කො. සජිත්ගේ පක්ෂය පිළිගනී

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන සමගි ජාතික බලවේගය මැතිවරණ කොමිෂන් සභාව පිළිගෙන ඇත.

අපේ ජාතික පෙරමුණ යන දේශපාලන පක්ෂය පදනම් කර ගෙන සමගි ජන බලවේගය නිර්මාණය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පියවර ගෙන තිබේ.

හදවත ලකුණ යටතේ අපේ ජාතික පෙරමුණ පක්ෂයේ නව සභාපති ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යෝජනා කර ඇති අතර එම නම මැතිවරණ කොමිෂන් සභාව පිළිගෙන තිබේ.

එම පක්ෂයේ නව ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරගේ නමද මැතිවරණ කොමිෂන් සභාව පිළිගෙන ඇත.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින්ද මෙම නම් අනුමත කර ඇත.

මෙම පක්ෂය සහ සභාපතිවරයාගේ සහ ලේකම්වරයාගේ නම් පිළිගත් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ලිපියක් මගින් දැනුම් දී ඇත.

අපේ ජාතික පෙරමුණ පක්ෂයේ හිටපු සභාපතිවරයා වන්නේ සේනක ද සිල්වා මහතාය.

ලේකම් ලෙසද කටයුතු කළේ හිටපු පළාත් සභා මන්ත්‍රී ඩයනා ගමගේය.

 

උදයජීව ඒකනායක