මිනිස් ජිවිත 75ක් අලි ජිවිත 150 රටට අහිමි වෙයි
අලි මිනිස් ගැටුම් හේතුවෙන් 2018 වසරේ මේ වනවිට පුද්ගලයින් 75දෙනෙකු සහ වන අලින් 150ක් පමණ ජිවිතක්ෂයට පත්ව ඇතැයි වනජීවී ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.
වවුනියාව නන්දිමිත්‍රගම පැවති අලි වැට ගැටළුව සම්බන්ධයෙන් වන සාකච්ජාවකට එක් වෙමින් ඇමතිවරයා මේ බව පැවසිය.
වර්තමානයේදී අලි වැටවල් කිලෝමීටර 4500 ක් ඉදිකොට තිබෙන අතර, තවත් කිලෝමීටර 2500 ක් ඉදිකිරීමට අවශ්‍යව තිබෙන බවඇමතිවරයා මෙහිදී පැවසිය.
අලි වැට ආරක්ෂා කිරීම සඳහා සිවිල් ආරක්ෂක භටයින් හා වනජිවි නිළධාරීන් 7000 ක පිරිසක් යෙදවීමට කටයුතු සුදානම් කර ඇති බවද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.