News

මිනි පෙට්ටියක් නිසා දකුණු පළාත් සභාව ඉදිරිපිට මල් වඩම් සමග මළ ගෙදරක් වෙයි

පළාත් සභා මැතිවරණ කල් දමමින් ආණ්ඩුව සිදුකරන ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩ පිලිවෙලට එරෙහිව දකුණු පළාත් සභා එජනිස මන්ත්‍රීවරුන් අද (26) පැවති දකුණු පළාත් සභාවට මිනී පෙට්ටියක් සහ මල් වඩම් රැගෙන පැමිණීම නිසා උණුසුම් තත්වයක් ඇති විය.

දකුණු පළාත් සභාව ආරම්භවීමට පෙර පළාත් සභා ප්‍රධාන දොරටුව අසලට මෙසේ මල් වඩම් සහ මිනී පෙට්ටිය සමඟ සන්ධාන මන්ත්‍රීවරුන් පැමිණ විරෝධතාවය දැක්වීය.

පළාත් සභා කල්දාන ආණ්ඩුවට නිවන් සැප, මව්බිමේ ප්‍රජාතන්ත්‍රවාය නිරුවත් කල ආණ්ඩුවට නිවන් සුව, මහ බැංකුව හොරා කාපු ආණ්ඩුවට වයධම්මා සංඛාරා යන සටන් පාඨ කියමින් ඔවුන් මෙසේ උද්ඝෝෂණයේ නිරත වු අතර පසුව අදාල මන්ත්‍රීවරුන් මල් වඩම් සහ මිනී පෙට්ටිය සහිතව පළාත් සභා ප්‍රධාන පිවිසුමෙන් ඇතුලත් වීමට උත්සාහ කිරීමේ දී පොලිසිය විසින් මිනී පෙට්ටිය පළාත් සභා සංකීරණය තුලට රැගෙන ඒම තහනම් කර අතර එහි දී උණුසුම් තත්වයක් ඇතිවිය. ඒ අනුව මිනී පෙට්ටිය පළාත් සභාව ඉදිරිපිට තැබු සන්ධාන මන්ත්‍රීවරුන් මල් වඩම් සහිතව පළාත් සභාව තුලට පැමිණ නැවත උද්ඝෝෂණයේ නිරත විය. පසුව මල් වඩම් ඉවත් කර සන්ධාන මන්ත්‍රීවරුන් පළාත් සභා රැස්වීම සදහා සහභාගී විය.