මියන්මාර පොලීසිය 7 හැවිරිදි දැරියකට වෙඩි තබයි
මියන්මාරයේ පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් 7 හැවිරිදි දැරියක් ව මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය පෙබරවාරි 01 වැනිදා සිදුවූ හමුදා කුමන්ත්රණයෙන් පසු මියගිය ළාබාලතම තැනැත්තිය වන්නේ 7 හැවිරිදි කින් මියෝ චිට් එම දැරියයි.
“ඇය තම පියා වෙත දිව යමින් සිටියදී” පොලීසිය වෙඩිතැබීම සිදුකළ බව ඇයගේ පවුලේ සාමාජිකයින් පවසයි.
මියන්මාරය පුරා හමුදා පාලකයින්ට එරෙහිව විරෝධතා පැවැත්වෙන අතර ඒවා පාලනයට හමුදා පාලකයින් බලය පාවිච්චි කරමින් සිටින අතර පොලිස් වාර්තා අනුව ඒ හේතුවෙන් මේ වනවිට 164 දෙනෙක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.