News

මිලියන දෙකකට අධික වටිනාකමින් යුත් හෂිස් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන දෙකකට අධික වටිනාකමකින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 1 යි ග්‍රෑම් 280 ක් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇත.

ගුවන්තොටුපල මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම සැකකරු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති අතර

එම සැකකාර විදේශික ජාතිකයා වයස අවුරුදු 30ක් වන ඉන්දීය ජාතිකයෙකි.

මෙම හෂීස් මත්ද්‍රව්‍ය තොගය රැගෙනවිත් ඇත්තේ බැංගලෝරයේ සිට බවයි ගුවන්තොටුපල මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සඳහන් කළේ.