නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ රත්‍රං කිලෝ 17ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර රත්‍රං තොගය රේගු භාරයට ගෙන ඇත.
එම රත්‍රං තොගයේ වටිනාකම රුපියල් මිලියන 220ක් පමණ වියහැකි බවට හඳුනාගෙන තිබේ.