මිලේනියම් චැලේන්ජ් ගිවිසුමට උපවාස කරන්නේ ගෝඨාගේ කුලී උපවාසකරුවන් – මංගල
මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට විරුද්ධව උපවාස කරන්නේ ගෝඨාභය රාජපක්ෂගේ කුලී උපවාසකරුවන් බවට මුදල් ඇමැති මංගල සමරවීර සිය ට්විටර් ගිණුමේ ඊයේ (05 වැනිදා) සවස සටහනක් තබා ඇත.
ඇමරිකාව සමග අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට විරෝධය දක්වමින් කොළඹ,ජාත්‍යන්තර විපස්සනා බෞද්ධ මධ්‍යස්ථානාධිපති උඩුදුම්බර කාශ්‍යප හිමියෝ ඊයේ (05 වැනිදා) කොළඹ නිදහස් චතුරස්‍රයේදී මාරාන්තික උපවාසයක් ඇරඹූහ.
සාලිය කුමාර ගුණසේකර
සියළු MCC වැනි රාජ්‍ය ප්‍රදාන සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සම්මත රීතියයි. වැඩසටහන්වල සාර්ථකත්වය සඳහා පාර්ලිමේන්තු අයිතිය වැදගත් වේ. එමනිසා ගෝඨාභය රාජපක්ෂගේ කුලී උපවාසකරුවන් මේ සම්බන්ධයෙන් ලෙමන් පෆ් ගබඩා කිරීමට අවශ්‍ය වෙන්නෙ නැහැ.
සම්පූර්ණ ගිවිසුම: https://t.co/fyUKqyUtAj pic.twitter.com/xKyrAKFvcN
— Mangala Samaraweera (@MangalaLK) November 5, 2019
